මම මාව හොයනවා. මම කවුද? මම යායුත්තේ කොතනටද? දවසක් දවසක් ගානෙ මම මගෙන් ප්‍රශ්න කරනවා. මම නවකතාවක් කියවනවා.. ඒ කතාව ඇතුලෙත් මම හොයන්නෙ මාව. මම ගානක් හදනව. මම කැමති දේ ඒකද? මම චිත්‍රයක් අදිනව. මට බැහැ ඒක ඉවරකරගන්න. මම එතනත් නැහැ. මම යමක් ලියන්න උත්සාහ කරනව. ඒකත් තව එක අසාර්ථක ප්‍රයත්නයක් විතරයි.. මම කොහෙද? කදු මුදුනකට වෙලා මම කල්පනා කරනව. දිය ඇල්ලක් කඩාගෙන හැලෙන දිහා බලාගෙන මම කල්පනා කරනව. ඒත් මට තාමත් මාව හොයාගන්න බෑ. මට මං ගැන තියෙන විශ්වාසය ටිකෙන් ටික හීන වෙලා යනවා. මට කවදාවත් මාව හොයාගන්න බැරිවෙයිද කියල බයකුත් ඇතිවෙනව. කවදා වෙනකන් හොයන්නද? කවදා වෙනකල් මම මගෙන් ප්‍රශ්න කරන්නද?
Thursday, July 3, 2014
මම කෝ?
ගහක කොල අතරෙ
කුරුලු තටු අතරෙ
වැල්ලෙ වැලි අතරෙ
සොයනවා මම මාව
කලු ගැහුන වලාවක
වැටෙන පිනි බිංදුවක
නගින බැස යන රළක
සොයන්නෙමි මම මාව
පොතක පිටු මැදින්
ඉලක්කම් මැදින්
පින්සලේ තුඩ අගින්
සොයන්නේ මම මාව
සරන දිගු මෙ ගමනට
තිත තබන්නට කලින්
ඔබේ නෙතු තුළින්වත්
හමුවෙයිද මට මාව?
Monday, February 24, 2014
ඒක පාර්ශ්විකව..
මිතුදම ආලයට පෙරැළුණු අරුමය
නොදැනුණා නොවෙයි
එහෙත් මුනිවත රැක්කෙමි
ඔබ අන්සතු බව දැන
ඔබ ඉඩ දෙන දුරකින් හිඳ
බලන් ඉන්නම් නිසලව
ආලය කරන්නම්
ඒක පාර්ශ්විකව මම
නොදැනුණා නොවෙයි
එහෙත් මුනිවත රැක්කෙමි
ඔබ අන්සතු බව දැන
ඔබ ඉඩ දෙන දුරකින් හිඳ
බලන් ඉන්නම් නිසලව
ආලය කරන්නම්
ඒක පාර්ශ්විකව මම
මායාවක්?
මේ ලෝකෙ මායාවක්ද? වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම මායාවක් කියලා. යාළුවො, ආදරය, එතකොට අපි මේ ඉර හඳ අල්ලන්න වගේ හති දාගෙන දුවන දිවිල්ල, ඔක්කොම මායාවල්. දුක, සතුට, අපිව රවට්ටන හිස් හැඟීම් විතරයි. කොටින්ම කිව්වොත් මම කියන්නෙත් මායාවක් වගේ මට දැනෙන්නෙ. ජීවිතේම මායාවක්. කරන කියන දැනෙන දකින ඇහෙන හැම දෙයක්ම. මුළු ලෝකෙම. එකම මායාවක්. ලොකු මායාවක්.
Subscribe to:
Posts (Atom)