Monday, February 24, 2014

ඒක පාර්ශ්විකව..

මිතුදම ආලයට පෙරැළුණු අරුමය
නොදැනුණා නොවෙයි
එහෙත් මුනිවත රැක්කෙමි
ඔබ අන්සතු බව දැන

ඔබ ඉඩ දෙන දුරකින් හිඳ
බලන් ඉන්නම් නිසලව
ආලය කරන්නම්
ඒක පාර්ශ්විකව මම

මායාවක්?

මේ ලෝකෙ මායාවක්ද? වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම මායාවක් කියලා. යාළුවො, ආදරය, එතකොට අපි මේ ඉර හඳ අල්ලන්න වගේ හති දාගෙන දුවන දිවිල්ල, ඔක්කොම මායාවල්. දුක, සතුට, අපිව රවට්ටන හිස් හැඟීම් විතරයි. කොටින්ම කිව්වොත් මම කියන්නෙත් මායාවක් වගේ මට දැනෙන්නෙ. ජීවිතේම මායාවක්. කරන කියන දැනෙන දකින ඇහෙන හැම දෙයක්ම. මුළු ලෝකෙම. එකම මායාවක්. ලොකු මායාවක්.