එක්සෑම් කෙල වෙලා තියනව ඒත් මෙහෙම නම් කෙලවුනේ නෑ ජීවිතේට. අද තිබ්බෙ Thermodynamics paper එක. අම්මෝ. ඇඬෙනව. කරගන්න දෙයක් නැති නිසා පැයක් විතර ඔහේ බලාගෙනත් හිටියා. වැරද්ද කාගෙවත් නෙවෙයි, මගෙ හිතේම තමයි. වැඩක් කරන්න ගානක් හදන්න හිතුනෙම නෑනෙ. Dead week එකේ කරේ පුටුවෙ වාඩිවෙලා කල්පනා කර කර ඉන්න එක තමයි. මේ ප්‍රශ්නෙම මට A/L 1st shy කරන කාලෙත් වුනා. Chemistry දවසට කලින් දවසෙ තිබ්බෙ ඊයෙ හවස තිබුන තත්වෙමයි (ඊට අමතරව පවුල් ප්‍රශ්නත් තිබුන එක වෙනම කතාවක්). Essay paper එකට ලියන්න මෙලෝ දෙයක් දන්නෙ නෑ. මට ඕන වුනේ මොනාහරි කරලා එදා දවසට ජීවිතෙන් පැනල යන්න. ඒ වෙලාවට හිතෙන්නෙම දෙයියනේ මොනවහරි වෙලා මාව මැරිල යනවනම්, උදේට මාව වාහනේක හැප්පෙනවනම් වගේ දේවල් තමයි. ඒත් ඕව වෙයිද කියලා දන්නෙ නෑනෙ.. ඉතිං මං මොකද කලේ? බිව්වා පැනඩෝල් පෙති කාඩ් 2ක්. එතනින් එහාට වුනේ මොනාද කියලා මම දැන් කියන්න යන්නෙ නෑ.. කොහොමහරි මේක අදටත් දන්නෙ මගෙ සමීපතම යාලුවො 3 දෙනෙක් විතරයි. එයාලටත් කිව්වෙ මේ ලඟදි.. මම කියන්න ආව කතාව ඕක නෙවෙයිනෙ. අද උදෙත් මට ආව ඔය විදිහෙ mood එකක්. මැරිලා ගියානම් හරි මෙහෙම ගිහිං ලියලා කොහොමද අම්මට අක්කට ලෝකෙට මූන දෙන්නෙ? ඒත් එක්කම වගේ මගෙ හිතට ආවෙ වෙනම සිතිවිල්ලක්.. මම තාම ජීවත් වෙලා ඉවර නෑනෙ? ජීවිතෙ තව කොච්චර දේවල් විඳින්න ඉතුරුවෙලා තියනවද මට? මට මැරෙන්න ඕන නැහැ. ජීවිතේ කරන කියන සිද්දවෙන හැමදෙයක්ම එක්ක බලද්දි විභාගයක් කියන්නෙ කොච්චර පුංචි දෙයක්ද..
එකක් ඇනගත්තා කියලා මැරෙනවැයි? වැදගත්ම දේ අද, මේ මොහොතෙ සතුටින් ඉන්න එක..ජීවිතේ ජීවත් වෙන එක. හීන පස්සෙ දුවනකොට අපිට ඕක මතක් වෙන්නෙ නෑ. හති වැටුනට පස්සෙ ආයෙ ඒ මොහොත හම්බෙන්නෙත් නෑ. සීමා මායිම් කඩාගෙන ගිහිං මම කරන්නෙ එ මොහොත අල්ලගන්න එක.. මිනිස්සු මං ගැන කතා කියනව, බනිනව, ඒත් මම සතුටින් නම් ඒ කිසිදේකින් මට වැඩක් නෑනෙ. අද paper එක කෙලවුනත් මම හිනාවෙලා ඉන්නෙ ඒකයි :)